IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


ඒ. ඒ. ජේ. අමරසිංහ සමුපකාර රක්ෂණ සභාපති ධුරයට


භානුක අමරසිංහ


ඒ. ඒ. ජේ. අමරසිංහ


 

සමුපාකාර රක්ෂණ සමාගමේ (Co-operative Insurance Company PLC) නව සභාපතිවරයා ලෙස ඒ. ඒ. ජේ. අමරසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජනවාරි 29 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

අමරසිංහ මහතා ඒ වනවිටත් සමාගමේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළේය. 

මෙතෙක් කලක් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.බී. සේනාධීර මහතා එම ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරිම කර තිබේ. එසේම ඒ මහතා සමාගමේ වැඩබලන උපසභාපතිවරයා ලෙසද පත් කර තිබේ.

මෙම පත් කිරිම සිදු කරන අවස්ථාව වනවිට ඒ. ඒ. ජේ. අමරසිංහ මහතා සතුව සමාගමේ ඡන්ද හිමි කොටස් 244,030ක් පවතින බවත් එම සමාගම පවසයි.



අදහස් (0)

ඒ. ඒ. ජේ. අමරසිංහ සමුපකාර රක්ෂණ සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site