
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ වඩාත් විශ්වාසනීය නාමයක් වන S-lon සමාගම, නව රූෆින් මාදිලි දෙකක් හඳුන්වා දෙමින් සිය S-lon Roofing නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව, වෙනස් වන වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන ලාංකීය ජනතාව තුළ වඩාත් ජනප්‍රිය බාහිර පෙනුමකින් යුත් නව රූෆින් මාදිලි තුනකින් සමන්විත වන පරිදි, සිය අවශ්‍යතාවලට ඔබින නවීන පෙනුමෙන් සහ ආකර්ෂණීය නිමාවෙන් යුත් පුළුල් නිෂ්පාදන පරාසයක් මිලදී ගැනීමට දැන් පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී තිබේ.
නිවාස, හා හෝටල්, වාණිජ ගොඩනැගිලි, ගබඩා සහ කාර්මික ස්ථාන ඇතුළු විවිධ ඉදිකිරීම් අවශ්‍යතා සහ ගෘහ නිර්මාණ ශෛලීන්ට ගැලපෙන නවීන සහ ආකර්ෂණීය පෙනුමක් ලබාදීම මෙම නව රූෆින් මාදිලි පෙළ හඳුන්වාදීමේ මූලික අරමුණයි.
වෙළෙඳපොළ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, නවීන නිෂ්පාදන තාක්ෂණය සහ නව නිෂ්පාදන එළි දැක්වීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් වඩාත් විශ්වසනීය සහ නවීන පන්නයට ගැලපෙන සෙවිලි කිරීමේ විසඳුම් ලබාදීමට S-lon Roofing දක්වන කැපවීම මෙම නව මාදිලි හඳුන්වාදීම තුළින් මනාව පිළිබිඹු වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව රූෆින් මාදිලිවල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සමගින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යමින්, නව විදේශීය වෙළෙඳපොළ අවස්ථා කරා යොමුවීමට ද S-lon Roofing අඛණ්ඩව කැපවී සිටියි.
එස්-ලෝන් රූෆින්, නවතම මාදිලි දෙකකින් නිෂ්පාදන පරාසය පුළුල් කරයි