
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ගාල්ල නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමට එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය නව තේ අලෙවි සලක් ගාල්ල දෙවට ප්‍රදේශයේදී විවෘත කළේය. විදෙස් සංචාරකයන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමට එවර්ග්‍රීන් සමාගම මෙසේ විවෘත කළේ සිව් වැනි තේ අලෙවි සලය.
ගාල්ල දෙවට ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු සිව්වැනි තේ අලෙවි සල විවෘත කිරීමේ අවස්ථාවට එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අරුණ ද සිල්වා, උප සභාපති සෙනාල් ද සිල්වා, අධ්‍යක්ෂක දුෂර ගීගනගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මේ තේ අලෙවි සල විවෘත කෙරුණු අතර තේ අලෙවියට අමතරව මේ ස්ථානයට පැමිණෙන සංචාරකයන්ට තමන් කැමැති තේ වර්ගයක් ඒ අවස්ථාවේදීම නිදහසේ පානය කිරීමට ද අවස්ථාව සලසා තිබීම විශේෂයෙන් කැපීපෙනේ.


එවර්ග්‍රීන් නව තේ අලෙවිසලක් ගාල්ල දෙවට ප්‍රදේශයේදී විවෘත කරයි