IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


එල්.ටී.එල්. ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට ලෝක සම්මානයක්

සුජිත් හේවාජුලිගේ

එල්.ටී.එල්. ට්‍රාන්ස්ෆෝමර්ස් (LTL Transformers) පෞද්ගලික සමාගම ලෝක මට්ටමේ (World-Class Category) කාණ්ඩය යටතේ ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානය හිමි කර ගත්තේය.

මෙම සම්මානය හිමිවුණේ චීනයේ බීජිං ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති ආසියා පැසිෆික් තත්ව සංවිධානයේ 30 වැනි APQO ජාත්‍යන්තර සමුළුවේදීය.

මෙම සමුළුවට ආසියා - පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජිතයෝ සහභාගි වූහ.

කාර්යසාධන විශිෂ්ටතා සම්මානය (GPEA) යනු කාර්යසාධන විශිෂ්ටත්වය සඳහා වන කලාපයේ ඇති එකම විධිමත් ජාත්‍යන්තර සම්මානයයි.

බීජිං හි පැවති 30 වැනි APQO ජාත්‍යන්තර සමුළුවේදී LTL ට්‍රාන්ස්ෆෝමර්ස් පෞද්ගලික සමාගමේ නියෝජිතයන් එම සම්මානය ලබා ගත් අවස්ථාව.

(වම සිට දකුණට) සචිරු කන්නන්ගර මහතා (තත්ත්ව සහතික කිරීම් සහකාර), තරිඳු රසාංජන මහතා (විදුලි ඉංජිනේරු), මංගලිකා ද සිල්වා මහත්මිය (APQO ප්‍රධාන ලේකම්), රුක්ෂික පත්බේරිය මහතා (LTL ට්‍රාන්ස්ෆෝමර්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි) මෙහි සිටිති.

 



අදහස් (0)

එල්.ටී.එල්. ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට ලෝක සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site