IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එලායන්ස් ෆිනෑන්ස් සමාජ බැඳුම්කරය CSE හි ලැයිස්තුගත කෙරේ


භානුක අමරසිංහ


මෙරට ක්‍රියාත්මක පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කළ සමාජ බැඳුම්කරය පසුගියදා එහි නිල වශයෙන් ලැයිස්තුගත කිරීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විශේෂ සීනුව නාද කිරීමේ අවස්ථාවක්ද එම හුවමාරුව තුළ සංවිධානය වී තිබුණි. 

එලායන්ස් ෆිනෑන්ස් සිදුකළ මෙම සමාජ බැඳුම්කර නිකුතුව මෙරට තුළ සමාගමක් මගින් සිදුකළ එවැනි ආකාරයේ පළමු බැඳුම්කර නිකුතුව ලෙසත් ඉතිහාසයට එක්ව තිබේ. මෙම නිකුතුව සඳහා අධි දායකත්වයක් හිමිවිය. එසේම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් රටේ සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් ලබා දෙමින් වඩාත් තිරසාර සහ සමාජයීය බලපෑම් සහගත මූල්‍යයනයක් සඳහා දායකත්වය ලබාදීම සැලසුම වී තිබේ.

1956 වසරේදී ආරම්භ කෙරුණු එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම මීට පෙර ශ්‍රී ලංකාවේ පළමුවරට බැංකු නොවන මූල්‍ය සමාගමක් මගින් සිදුකළ පළමු හරිත බැඳුම්කර නිකුතුව සිදු කිරීමටද සමත් විය. 



අදහස් (0)

එලායන්ස් ෆිනෑන්ස් සමාජ බැඳුම්කරය CSE හි ලැයිස්තුගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site