IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත.

2022 දී ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුමෙන් එමිරේට්ස් සහ SLTPB අතර සහයෝගීතාව ශක්තිමත් වනු ඇති අතර, එමිරේට්ස් ජාලය තුළ ප්‍රධාන වෙළෙඳපොළවල් සඳහා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට ගුවන් සේවය සහ සංචාරක ආයතනය ඔවුන්ගේ කැපවීම අවධාරණය කරයි. දිවයිනේ ප්‍රධාන පෝෂක වෙළඳපොළවල් වෙත විනෝද චාරිකා සහ හුරුපුරුදු කරවීමේ චාරිකා සංවිධානය කිරීම වැනි ඒකාබද්ධ මුලපිරීම් හරහා එමිරේට්ස් සහ SLTPB විසින් බලාපොරොත්තු වන්නේ ගුවන් සේවයේ ගෝලීය ජාලය හරහා ගමනාන්තය ප්‍රදර්ශනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමයි.

 



අදහස් (0)

එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site