IMG-LOGO

2026 අප්‍රේල් මස 29 වන බදාදා


එකතු කළ අගය මත බදු පනතට සංශෝධන

නිමල කොඩිතුවක්කු


2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ප්‍රධාන වශයෙන් නිර්වාසික සේවා සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද පැනවීම ක්‍රියාත්මක වන දිනය 2026-07-01 දින දක්වා කල් දැමීම ඇතුළුව 2025 සහ 2026 අයවැය මගින් යෝජිත බදු ප්‍රතිපත්ති සංශෝධන බලාත්මක කිරීම පිණිස 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. 
එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපති විසින් සිය නිෂ්කාශනය ලබා දී තිබේ.
ඒ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පන රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

එකතු කළ අගය මත බදු පනතට සංශෝධන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site