IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


උද්ධමනය ගණන් උස්සයි

  • ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට 5.9 ක් දක්වා ඉහළට

යොහාන් භාසුර

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මැයි මස මෙරට උද්ධමනය සියයට 0.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (23) නිවේදනය කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මස උද්ධමනය සියයට සෘණ 0.8 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. 

පසුගිය අප්‍රේල් මාසයේ සියයට 2.9ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට 5.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අප්‍රේල් මාසයේ සියයට සෘණ 3.7ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ සියයට සෘණ 3.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (0)

උද්ධමනය ගණන් උස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site