IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


උතුරු ආයෝජන සමුළුව 2026 ජනවාරි 21-22 යාපනයේදී

භානුක අමරසිංහ 

The Management Club (TMC) මගින් සංවිධානය කරන උතුරු ආයෝජන සමුළුව 2026 (Northern Investment Summit 2026) ජනවාරි 21 - 22 යාපනයේ තිරුවල්ලු‍වර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

දේශීය මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගේ සහ ආයෝජකයන්ගේ හමුවක් ලෙස සංවිධානය කෙරෙන මේ හරහා ශ්‍රී ලංකාවේ උතුරු කලාපය තුළ ආර්ථිකමය පරිවර්තනයක් කිරීම අරමුණ බව සංවිධායකයෝ පවසති. ඒ අනුව යෝජකයන්, නවෝත්පාදකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, බුද්ධි මණ්ඩප, රජයේ ආයතන මෙන්ම ගෝලීය සංවර්ධන හවුල්කරුවන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වෙති. 

මෙහිදී පැවැත්වෙන සංවාද මණ්ඩප සහ සාකච්ඡා හරහා යාපනය ඇතුළුව උතුරු ප්‍රදේශය වෙත නව ආයෝජන අවස්ථාව ළගා කරගැනීම, තාක්ෂණික යටිතල පහසුකම් දියුණු කිරිම සහ තිරසාර සංවර්ධනය ළඟා කර ගත හැකි ආකාරය විමසීම අපේක්ෂාව බවත් සංවිධායකයෝ පවසති.

 



අදහස් (0)

උතුරු ආයෝජන සමුළුව 2026 ජනවාරි 21-22 යාපනයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site