IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට වැඩමුළුවක්

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රීයන්ත


ඊශ්‍රායලයේ සුපිරි වෙළෙඳසල්වල සේවය සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින දිවයිනේ තරුණ තරුණියන් සියයකට ඊට අවශ්‍ය විවිධ ක්ෂේත ගණනාවක දැනුම ලබාදීමේ අරමුණින් සංවිධානය කළ පස් දින නේවාසික වැඩමුළුවක්  සී.එස්.ටී.අයි. බියුරෝ ජාත්‍යන්තර ආයතනයේ විධායක අධ්‍යක්ෂක සමන් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඌරගස්මංහන්දිය, උතුරු මාගල සින්තාරා හෝටලයේදී පැවැත්විණ.
ඊශ්‍රායලයේ රටේ සුපිරි වෙළෙඳ සලක සේවයට යෑම සඳහා අවස්ථාව ලබා ගැනීම කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සී.එස්.ටී.අයි. බියුරෝ ජාත්‍යන්තර ආයතනයේ විධායක අධ්‍යක්ෂක සමන් ප්‍රියන්ත මහතා විසින් ද ඊශ්‍රායලයට යාමට දැරිය යුතු පිරිවැය සඳහා අවශ්‍ය මුදල් ණය මුදලක් ලෙස හැටන් නැෂනල් බැංකුවෙන් අයදුම් කරනුයේ කෙසේ ද යන්න පිළිබඳව හැටන් නැෂනල් බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ නියෝජය කළමනාකරු මනෝජ් ඉන්දික මහතා විසින්ද එම රටේ සේවය කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම පිළිබඳව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිටින උපාධි අපේක්ෂකයන් දෙදෙනෙක් වන ඩිලාන් සංජුල සහ තිලක්ෂණ අබේසිංහ විසින්ද ඊශ්‍රායලට යාමට අපේක්ෂාවෙන් සිටින අයට රක්ෂණාවරණයක් ලබා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව හැටන් නැෂනල් රක්ෂණ ආයතනයේ නිලධාරීන් විසින් ද මේ වැඩමුළුවට පැමිණ සිටි තරුණ, තරුණියන් දැනුවත් කරන ලදී.



අදහස් (0)

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site