යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද
ඉමදූව පණුගල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ වසා දැමූ ප්‍රජා ශාලාව ශ්‍රමදානයකින් ප්‍රතිසංස්කරණය කර අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ධීවර හා ජලජ සංවර්ධන නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඉමදූව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් වු යෝජනාවකට අනුව. දකුණු පළාත් කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ සඳහා දායකත්වය ලබාදී තිබුණි.
මෙම අවස්ථාවට ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභාපති ළහිරු හෙට්ටිආරච්චි උප සභාපතිනි නිෂාධා කල්පනී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන එරංග කොඩිතුවක්කු, විජිත් දඩල්ලගේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂක මංජුල රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉමදූව පණුගල්ගොඩට පේෂකර්ම පුහුණු මධ්‍යස්ථානයක්