IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


ඉන්ෂුවර්මි CSE හි ලැයිස්තුගත කෙරේ

භානුක අමරසිංහ 
ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් රක්ෂණ තැරැව්කාර සමාගම වන Insureme (ඉන්ෂුවර්මී) කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම ඉකුත්දා (01) සිදු විය. මෙහිදී එම සමාගම  Introduction ක්‍රමවේදය යටතේ එහි එම්පවර් පුවරුවේ ලැයිස්තුගත වූ බව පවසයි. 
රක්ෂණ අංශය යටතේ ලැයිස්තුගතවූ සමාගමේ කේතය INME-N-0000 ලෙස සටහන්ව තිබේ. මෙහිදී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,055,290ක් ලැයිස්තුගත කෙරුනු අතර, එක් කොටසක වටිනාකම රුපියල් 442 ක් ලෙස මිල කෙරී තිබේ. 
මෙම ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ Insureme හි ප්‍රධාන විධායක නිලධාරී විපුල ධර්මපාල මහතා, මෙම ලැයිස්තුගතවීම සිය සමාගමේ ඉදිරි වර්ධනයේ අවස්ථාවක් බව සඳහන් කළේය.



අදහස් (0)

ඉන්ෂුවර්මි CSE හි ලැයිස්තුගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site