IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ඉන්දියා-ශ්‍රී ලංකා සංචාරක සමුළුව ගාල්ලේ

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට


හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කළ තෙවැනි ඉන්දියා - ශ්‍රී ලංකා සංචාරක සමුළුව ගාල්ල ලයිට් හවුස් හෝටලයේදී පවත්වන ලදී.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම දෙරටේම සහයෝගීතාව වර්ධනය කිරීම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා දෙරටේම සංචාරක සහ ආගන්තුක සත්කාර සංවර්ධනය කිරීම මේ වැඩමුළුවේ ඒකායන අරමුණවී තිබිණ.
වෛද්‍ය, ආගමික, ත්‍රාසජනක සහ විවේක සංචාරක අංශවල ක්‍රියාකාරීන් සහ ඒවායේ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව කලාපීය වර්ධනය සඳහා නව අවස්ථා ඉස්මතු කළේය.
එමෙන්ම මීට සමගාමීව ලාංකිකයන්ට ඉන්දියාවේ සංචාරය කර නැරඹිය යුතු ඉන්දියාවේ පිහිටි බෞද්ධ සිද්ධස්ථානවල ඡායා රූප ප්‍රදර්ශනයක්ද පැවැත්විණ.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ මෙන්ම සංචාරක අමාත්‍යංශයේ ද ලේකම් ක්‍රිසාන්ත මහේන්ද්‍ර ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එල්. නසීර්, ගාල්ල මාතර සහ හම්බන්තොට තෙදිසාවේ වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුළු දෙරටේ රජයේ නිලධාරීන් සහ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛයෝද මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.

 

 



අදහස් (0)

ඉන්දියා-ශ්‍රී ලංකා සංචාරක සමුළුව ගාල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site