|
කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණය රාමචන්ද්‍රන් සිවඥානම් මහතා ICC විසින් පිරිනමන ලද සම්මානයක් පිළිගත් අවස්ථාව |
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද 3 වැනි ආසියාවේ නැගී එන බැංකු සමුළුව සහ සම්මාන උළෙල 2025 හිදී කොමර්ෂල් බැංකුව සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය.
මෙහිදී ශ්‍රී ලංකාවේ හොඳම කාර්යසාධන වර්ධනය සඳහා වූ සම්මානය, ශ්‍රී ලංකාවේ හොඳම ලාබදායිතා කාර්ය සාධනයට හිමි සම්මානය සහ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අනුශූරතාව ද බැංකුව විිසින් දිනා ගන්නා ලදි.
භූතානය, ශ්‍රී ලංකාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය මෙන්ම ඉන්දියාව පුරා මූල්‍ය ආයතන වල සහභාගීත්වයෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඉන්දියාවේ නවදිල්ලි නුවර, ද මෙරිඩියන් හෝටලයේදී පැවැත්වුණු අතර කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණය රාමචන්ද්‍රන් සිවඥානම් මහතා බැංකුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.
Price waterhouse Coopers (PwC) සහ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත ජූරි සභාවක් විසින් මෙම සම්මාන ඇගයීම සිදු කළ අතර ආයතනවල ලාබදායි බව, වර්ධනය සහ වත්කම්වල ගුණාත්මකභාවය වැනි ප්‍රධාන මූල්‍ය දර්ශකවල ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සාධක ද්විත්වයම මෙහි දී සලකනු ලැබේ.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ.
ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
ඉන්දියානු වාණිජ මණ්ඩලයෙන් කොමර්ෂල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්