IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ඉංජිනේරු මන්ජු හත්තොටුව ජැට් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී (JAT. N0000) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඉංජිනේරු භාරත මන්ජු ශ්‍රී කුමාර හත්තොටුව මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

ඒ අනුව 2025 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන හත්තොටුව මහතා සතුව වසර 30 කට අධික කාලයක් පුරා ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් පවතින බව සමාගම පවසයි. ඒ මහතා මහා බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ වරලත් වෘත්තීය ඉංජිනේරුවරයෙක්ද වෙයි.

එසේම හත්තොටුව මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිවරයාද විය. එසේම ඒ මහතා මිලේනියම් IT සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

 



අදහස් (0)

ඉංජිනේරු මන්ජු හත්තොටුව ජැට් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site