භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත, මෙරට ප්‍රමුඛතම ගිනි ආරක්ෂණ සේවා සම්පාදන සමාගමක් වන ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ සියයට 58 ක කොටස් ප්‍රමාණයක් රුපියල් මිලියන 221 කට අධික මුදලකට අලෙවි වී ඇතැයි වාර්තා පවසයි.
මෙහිදී ආයෝජන සමාගම් එකමුතුවක් වන ATX Partners සහ ARCASIA Investments and Trading Ltd සහ JBL Holdings නම් සමාගමක් මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.
මේ අතරින් ATX Partners සහ ARCASIA Investments and Trading Ltd. යන සමාගම් කොටස් මිලියන 9.492 ක් බැගින් එනම් සියයට 25ක් බැගින් මිලදී ගෙන තිබේ. එසේම JBL Holdings සමාගමද එම මිලටම කොටස් මිලියන 3.15ක් මිලදී ගෙන ඇත.
ඒ අනුව මිලදී ගෙන ඇති සමස්ත කොටස් ප්‍රමාණය මිලියන 22.1කි. මෙහිදී කොටසක් රුපියල් 10ක් ලෙස ගනුදෙනුව සිදුව ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 221කි.
මෙහිදී ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන එස්.වී.ඒ. පෙරේරා, එම්.සී. ප්‍රනාන්දු සහ ඒ.එස්.අයි ගුණසේකර යන පිරිස පිළිවෙළින් කොටස් මිලියන 11ක්, මිලියන 7.68ක් සහ මිලියන 3.47ක් ලෙස අලෙවි කළ කොටස් අදාළ සමාගම් මගින් මිලදී ගෙන තිබේ. අදාළ ගනුදෙනුවේ උපදේශකයා ලෙස Atarah Capital සමාගම කටයුතු කර තිබේ.
මෙලෙස ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ කොටස් මිලදී ගත් ATX Partners සහ ARCASIA Investments and Trading Ltd. යන සමාගම් ඇම්බියොන් සමූහයට අයත් ආයෝජන සමාගම වන ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගමේද කොටස්කරුවන්ය.
ඇල්ෆා ෆයර් සර්විසස් සමාගමේ සියයට 58 ක් රු.මි. 221 කට අලෙවි වෙයි