IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණයක

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP ) සුහද සංචාරයක නිරත වූහ. තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් හොවෙල් මහත්මියගේ නායකත්වයෙන් පැමිණි දූත පිරිසට, කලාපීය ඉන්දු-පැසිෆික් උපාය මාර්ග සම්බන්ධීකාරක ඩස්ටින් ආර්. බිකල් මහතා, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරි ලු‍තිනන් කර්නල් මැතිව් හවුස් මහතා සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී ලු‍තිනන් කමාන්ඩර් රොස් ලැරී මහතා ද එක් විය.

බහාලු‍ම් අංගන, වාහන හැසිරවීමේ කලාප, සහ නැව් නැංගුරම් පළවල් ඇතුළු HIP  හි පර්යන්ත සහ මෙහෙයුම් කලාප නිරීක්ෂණ සංචාරයකිනුත් සමග සංචාරය අවසන් විය. 



අදහස් (0)

ඇමෙරිකා නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site