IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ඇමෙරිකාව හා චීනය අතර එකඟතාවයක්

වෙළඳ යුද්ධය සමනය කිරිමේ දින 90 ක එකඟත්වයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා චීන ජනපති ෂී ජින්පින්  මහතා අතර ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඇමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා 25% බද්දක් පැනවීමට නියමිතව තිබු අතර මෙම එකඟතාවයෙන් දින 90ක කාල සීමාවකට එය අත්හිටුවා තිබේ.
 
ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව මෙම එකඟත්වය ඇති වී තිබේ.
 
ට්‍රම්ප් මහතාගේ පරිපාලනය විසින් චීන භාණ්ඩ සඳහා මීට පෙර 10% බද්දක් පැනවිණි. එම බද්ද ලබන ජනවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබිණි.
 
(බීබිසී ඇසුරෙනි)
 
(28535)



අදහස් (0)

ඇමෙරිකාව හා චීනය අතර එකඟතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site