වසරේ මුල් මාස දහයේ අපනයන ආදායම ඩොලර් මිලියන 2,518ක්
මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට සිදුකළ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,518ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 එම කාලසීමාවේදී එරට වෙත සිදුකළ ඩොලර් මිලියන 2,498 ක අපනයන හා සැසඳීමේදී සියයට 0.81ක සුළු වර්ධනයකි.
අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ ඔක්තෝබර් මාසයේ අපනයන කාර්ය සාධන දත්ත තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
මෙහිදී ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාව වෙත සිදුකළ අපනයන ආදායම් පෙර වසරේ එම මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 246.20 ක සිට මේ වසරේදී ඩොලර් මිලියන 265.32ක් දක්වා දියයට 7.77කින් ඉහළ නැග තිබේ.
ආසන්න මාස කිහිපයේදී ඇමෙරිකාව හරහා ලැබුණු අපනයන ආදායම් ඉහළ පහළ යෑමක් පෙන්නුම් කළ පසුබිමක පිට පිට මාස දෙකක් එම ආදායම් ඉහළ ගොස් ඇතැයි සඳහන් වෙයි.
සැප්තැම්බර් මාසයේදී එම ආදායම ඩොලර් මිලියන 281.84ක් වූ අතර, එය 2025 සැප්තැම්බර් හා සැසඳීමේදී සියට 18.06 ක වර්ධනයක් විය. කෙසේ වෙතත් අගෝස්තුවේදී වාර්තා වූ ඩොලර් මිලියන 263.24 ක ආදායම පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 13.43 ක පහළ යෑමකි.
කෙසේ වෙතත් ශ්රී ලංකාවේ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයවලින් සියයට 20 කට ආසන්න ප්රතිශතයක් හිමිකරගෙන ඇති එක්සත් ජනපදය තවදුරටත් ශ්රී ලංකාවේ ප්රධානතම තනි අපනයන ගමනාන්තය ලෙස හඳුනාගෙන තිබේ.
ඇමෙරිකාවට කළ අපනයනවල සුළු වර්ධනක්