IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ඇමෙරිකානු මහ බැංකු අධිපතිවරියක් වහාම ධුරයෙන් ඉවතට

විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකානු මහ බැංකුවේ අධිපතිවරියක වන ලීසා කුක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
කුක් තමන්ගේ දේපළ වත්කම් දෙකක් ඇපයට තබා ණය ලබාගෙන ඇත්තේ අසත්‍ය ප්‍රකාශ ලබාදී බවට එල්ල වී තිබෙන චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබීම හේතුවෙන් ඇයව වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත්කළ බව ජනපති ට්‍රම්ප් යොමුකළ ලිපියේ සඳහන් වේ.
ඇමෙරිකාවේ මහ බැංකුව ”‍ෆෙඩරල් සංචිත පද්ධතිය”‍ ලෙස හැඳින්වෙන අතර 7 දෙනකුගෙන් යුත් පාලක මණ්ඩලයක් එම පද්ධතියේ අධිපතීත්වය දරයි.
ණය ලබාගැනීමේදී අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවට කුක්ට මෙම මස මුලදී චෝදනා එල්ල වූ අතර එතැන් සිට ඇයට ඉල්ලා අස්වන ලෙස ජනපති ට්‍රම්ප් බල කළේය.



අදහස් (0)

ඇමෙරිකානු මහ බැංකු අධිපතිවරියක් වහාම ධුරයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site