IMG-LOGO

2026 නොවැම්බර් මස 27 වන සිකුරාදා


ඇම්බියොන් කැපිටල් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 3.25ක්


ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි ආයෝජන හස්තය වන ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම රුපියල් බිලියන 3.25ක මුදලක් රැස් කරගැනීම සඳහා කොළඹ කොටස් හුවමාරුව තුළ යෝජනා කළ හිමිකම් නිකුතුව වෙත සහ පෞද්ගලික කොටස් නිකුත් කිරීම (private placement) වෙත එම හුවමාරු​ෙව් අනුමැතිය හිමිව ඇතැයි පවසයි. 

ඒ අනුව ඊට අදාළ දින ප්‍රසිද්ධියට පත් කිරීමට ඇම්බියොන් කැපිටල් පීඑල්සී ඊයේ පියවර ගත්තේය. කෙසේ වෙතත් අදාළ හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් වන කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන අතිවිශේෂ මහා සභා රැස්වීමක් ලබන දෙසැම්බර් 22 වැනිදා පවත්වන බවත් සමාගම පවසයි. 

මෙලෙස රැස් කරගන්නා මුදල් සමාගමේ ණය අනුපාතය අඩු කරමින් ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීමටත්, තාක්ෂණ, දේපළ වෙළෙඳාම් සහ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) වැනි ක්ෂේත්‍රවල ආයෝජන සඳහාත් යෙදවීමට නියමිත බව සමාගම පවසා තිබේ.



අදහස් (0)

ඇම්බියොන් කැපිටල් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site