IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇම්බියොන් කැපිටල්ස් සිලෝන් හොටේල්ස් කෝපරේෂන්හි කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගනී

භානුක අමරසිංහ


ඇම්බියොන් සමූහයට අයත් ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සීහි තමන් සතු කොටස් ප්‍රතිශතය සියයට 10.79ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇතැයි පවසයි. පෙරේදා (10) දිනයේදී එම සමාගම මගින් මිලදී ගත් තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 7,114,574ත් සමගින් මෙම කොටස් හිමිකාරීත්වය ඉහළ නැග තිබේ. 
මෙය එම සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 3.95කි. මෙහිදී කොටසක් රුපියල් 35.90ත් 36.50ත් අතර මුදලකට මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 257.54ක් (257,547,578) වෙයි.
පසුගිය අගෝස්තු 21 වැනිදා ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් සමාගමේ කොටස් 12,310,543ක් මිලදී ගැනීමත් සිදු කළේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 6.84 කි. කොටසක් රුපියල් 26 බැගින් වූ එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 320ක් (320,074,118) විය. ඒ අනුව පෙරේදා සිදු කළ මෙම ආසන්නතම මිලදී ගැනීමත් සමගින්ම ඇම්බියොන් කැපිටල් පීඑල්සී සතු කොටස් ප්‍රමාණය 19,425,117ක් දක්වා ඉහළ නැග තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 10.79 කි. ඒ අනුව මෙම කොටස් මිලදී ගැනීම සඳහා ඇම්බියොන් කැපිටල් මාසයක් තුළ සිදු කර සමස්ත ආයෝජනය රුපියල් මිලියන 577 කි.



අදහස් (0)

ඇම්බියොන් කැපිටල්ස් සිලෝන් හොටේල්ස් කෝපරේෂන්හි කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site