IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


ඇඳුම් මැහුම්කරුවන්ගේ ලෝක සමුළුවට ලංකාවෙනුත් පිරිසක්

තායිවානයේ තායිපේ නුවර පැවැති විශේෂඥ ඇඳුම් මැහුම්කරුවන්ගේ ලෝක සම්මේලනයේ 37වැනි සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් සහභාගී විය.

 මෙරට පැරැණිතම ඇඳුම් මැසීමේ ආයතනයක් වන  ‘බ්‍රිස්ටල් ටේලර්ස්‘ හි චන්දන විජේසේකර මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරීය.

 ලොව ප්‍රමුඛ පෙළේ මැහුම්කරුවන්, නිර්මාණ ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගී වූ අතර ඔවුන් හා අත්දැකීම් බෙදා හදා ගැනීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමිවිය. ජාත්‍යන්තර ඇඳුම් මැසීමේ විශේෂඥයන්ගේ දැනුම හා අත්දැකීම් යොදාගනිමින් දේශීය ඇඳුම් මැහුම්කරුවන් පුහුණු කිරීමට ද මෙහිදි අවධානය යොමු විය.

ඡායාරූපය වමේ සිට ශ්‍රී ලින්ටන් මාස්ටර් ටේලර්ස් හි තීක්ෂණ උඩගෙදර, තිසන්වා එන්ටර්ප්‍රයිසස් හි වසන්ත විතාරන, ලාල් ටේලර්ස් හි එස්.ප්‍රේමලාල්, තිසන්වා එන්ටර්ප්‍රයිසස් හි ක්‍රිෂාන්ති පෙරමුණුගමගේ, බ්‍රිස්ටල් ටේලර්ස් හි චන්දන විජේසේකර, හර්කියුලිස් ටේලර්ස් හි ලාල් ජයතිස්ස, සුපර් ෆිට් හි තිරුනි අනුත්තරා බී.කේ.එන් සුමනරත්න, රත්නාස් ඩිසයින් හි සුදේනි චම්පික සහ කසුන් ඔමේෂ් යන අය ඡායාරූපයේ වෙති. 



අදහස් (0)

ඇඳුම් මැහුම්කරුවන්ගේ ලෝක සමුළුවට ලංකාවෙනුත් පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site