මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ගත වූ මුල් මාස 10 තුළදී මෙරට ඇගලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 4,197ක් ලෙස සටහන්ව තිබේ. මෙය පෙර වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ ඩොලර් මිලියන 4,441 ට සාපේක්ෂව සියයට 5.50 ක අඩුවීමකි.
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිකුත් කළ ඔක්තෝබර් මාසයේ අපනයන කාර්යසාධන දත්ත තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 429.17 ක රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායමට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේදීද ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ඩොලර් මිලියන 412.78ක් දක්වා සියයට 3.82ක පහත වැටීමක් වාර්තා කර තිබේ.
ඇගලුම් සහ රෙදිපිළි අපනයන ආදායම සියයට 5.5කින් පහළට