IMG-LOGO

2026 මැයි මස 01 වන සිකුරාදා


ඇක්සස් ඉන්ජිනියරින්ග් හාබර් විලේජ් හි රු. බිලියන 8.5ක් ආයෝජනයට සැරසෙයි

මුල් ආයෝජනය ලෙස රුපියල් බිලියන 4.82 ක් ආයෝජනය කරලා 


ඇක්සස් සමූහයට අයත් ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම සිය සම්පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන හාබර් විලේජ් (පෞද්) සමාගම තුළ රුපියල් බිලියන 8.5 ක ආයෝජනයක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. 

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ. හාබර් විලේජ් සමාගමෙහි කොටස් මත මෙම ආයෝජනය සිදුකෙරෙන බව පැවසෙයි. මෙහිදී අදියර ලෙස එම ආයෝජනය කිරීමට තීරණය කර ඇති අතර, පළමු අදියර ලෙස රුපියල් බිලියන 4.82 ක් (රුපියල් 4,823,029,080 ක්) පසුගිය මාර්තු 31 වැනිදා හාබර් විලේජ් (පෞද්) සමාගමේ කොටස් තුළ ආයෝජනය කෙරී තිබේ. 

හාබර් විලේජ් (පෞද්) සමාගමෙහි මෙහෙයුම් වියදම් සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමක් ලෙස මෙම ආයෝජනය කරන බව ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම පවසයි.

මෙම හාබර් විලේජ් (පෞද්) සමාගම කොළඹ නගරයේ ඉදිකරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන Marina Square – Uptown Colombo ව්‍යාපෘතිය අයත් සමාගමයි.

ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී හි සියයට 66.66 ක කොටස් හිමිකාරීත්වයක් සහ කොළඹ වරාය නගරය ඉදිකළ චීනයේ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කම්පැනි වෙත අයත් චයිනා හාබර් ඉංජිනියරින්ග් කම්පැනි ලංකා ලිමිටඩ්හි සියයට 33.33 ක කොටස් හිමිකාරීත්වයක් සහිතව ආරම්භ වූ මෙම හාබර් විලේජ් (පෞද්) සමාගමේ සියයට 100 ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීමට ඇක්සස් ඉංජිනියරින් පසුගිය වසරේ ජූනි මාසයේදී පියවර ගත්තේය.



අදහස් (0)

ඇක්සස් ඉන්ජිනියරින්ග් හාබර් විලේජ් හි රු. බිලියන 8.5ක් ආයෝජනයට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site