×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ඇක්සස් ඉදි කළ පිළිකා හඳුනාගැනීමේ ඖෂධ නිෂ්පාදන පරිශ්‍රය අද විවෘත කෙරේ
කතෘ මණ්ඩලය 2026 පෙබරවාරි මස 16
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඩොලර් 6,875,000 ක්
ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම මගින් ඉදි කළ පිළිකා හඳුනාගැනීමේ ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයක් (Cyclotron Based Radiopharmaceutical Production Facility) අද දිනයේදී විවෘත කෙරෙන බව එම සමාගම පවසයි.
එම සමාගමෙහි සියයට 60ක කොටස් හිමිකාරීත්වයක් සහිත Access Medical Tracers (පෞද්) සමාගම මගින් මෙම ව්‍යාපෘතිය කර තිබේ. 2024 වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා එම සමාගම කළ ආයෝජනය ඩොලර් 6,875,000 කි.
කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් අනුමැතියක් යටතේ ඉදිකිරීම, මෙහෙයුම් පවත්වාගෙන යාම සහ හිමිකාරීත්වය (BOO) යන එකඟතාව මත ඇක්සස් ඉන්ජිනියරින්ග් සමාගම මෙම පරිශ්‍රය ඉදිකර ඇත.
මෙම ව්‍යාපෘතියේ සියයට 20ක කොටස් හිමිකාරීත්වයක් ඇක්සස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම වෙතත්, සියයට 10ක් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයටත්, ඉතිරි සියයට 10 සෞඛ්‍ය අමාත්‍යාංශයටත් හිමිය.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි පරිශ්‍රයක් ඉදිකරන පළමු අවස්ථාව වන අතර, එහිදී නිපදවන FDG (Fluoro – Deoxy – Glucose ඖෂධය මූලිකවම පිළිකා හඳුනාගැනීම සඳහා යොදා ගන්නා බව ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම පවසා තිබේ.
අදහස් (0)
ඇක්සස් ඉදි කළ පිළිකා හඳුනාගැනීමේ ඖෂධ නිෂ්පාදන පරිශ්‍රය අද විවෘත කෙරේ
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ඇක්සස් ඉදි කළ පිළිකා හඳුනාගැනීමේ ඖෂධ නිෂ්පාදන පරිශ්‍රය අද විවෘත කෙරේ