IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ආර්ථික කළමනාකරණය පිළිබඳ විශේෂ කමිටුවක්

නිමල කොඩිතුවක්කු


ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මධ්‍ය කාලීන රාමුවක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5කට වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. තිරසර ආර්ථික සංවර්ධනයක් සහ ආර්ථික ස්ථායීතාවක් ළඟාකර ගැනීම සඳහා ආයෝජන හිතකර ප්‍රතිපත්ති සම්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ අපනයන විවිධාංගීකරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
කෙසේ වුවද, පසුගිය දශක කිහිපයේ පෞද්ගලික ආයෝජන පහළ මට්ටමක පැවතී ඇති බැවින් සහ රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 - 5ක් පමණ වන බැවින් අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, කාර්යක්ෂමතාව සහ ජාතික ආර්ථික අරමුණු කෙරෙහි යොමුගත වීම තහවුරු කර ගනිමින් ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සාකච්ඡා අධීක්ෂණය හා ඒ සඳහා පහසුකම් සැලසීම පිණිස ආර්ථීක කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව ස්ථාපිත කිරීම පිණිස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ආර්ථික කළමනාකරණය පිළිබඳ විශේෂ කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site