IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ආයෝජන විකල්ප අවස්ථා සමග කොටස් වෙළෙඳපොළ

කොටස් වෙළෙඳපොළ ඊයේ (නොවැ. 20) ගනුදෙනුවල දී පිබිදීමක් සනිටුහන් කරන ලද නමුත් එය එපමණ විශ්වාසදායක පැතිරීමක් කරා ගමන් කළේ නැත. වරින් වර උච්ඡාවචන පැවැතිණ. අවසානයේ දී වර්ධනයක් සනිටුහන් කළේය. සමාගම් කිහිපයක කටයුතු පමණක් ගනුදෙනුවල දී වර්ධනයට සාධකයක් වී තිබුණි. 
අවහිර වී තිබුණ ආයෝජන අවස්ථා ලිහිල්වන පදනම තුළ කොටස් වෙළෙඳපොළේ තිබුණ අධි ක්‍රියාකාරීත්වය සීමාවන බව නිරීක්ෂණය කළ හැකිය. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාත ඉහළ යමින් තිබේ. එයට සමාන්තරව ස්ථාවර තැන්පත් පොලිය ද ක්‍රමානුකූලව ඉහළ නැගෙන බව නිරීක්ෂණය කළ හැකිය. මූල්‍ය අවශ්‍යතා සපුරන අරමුණ ඇති වාණිජ බැංකු සහ මුල්‍ය සමාගම් ණයකර නිකුත් කරන අතර ඒ සඳහා ස්ථාවර පොලියක් සහ සුරක්ෂිතභාවයක් පවතින බව අවධාරණය වී ඇත. මෙයට සමාන්තරව රුපියලේ අගය ද අවප්‍රමාණය වන බව දැක්වේ. ඊයේ ඇමරිකානු ඩොලරයක විකිණුම් වටිනාකම රු. 311.07 ක් දක්වා විය. 
මේ අතර තවමත් විදේශ ආයෝජන අංශ විකිණීම්වලට නැඹුරුය. දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු. මිලියන 57.9 ක් වන අතර විකිණීම් රු. මිලියන 271.6 කි. විදේශ විකිණීම් හෙයින් රු. මිලියන 214 ක මෙම දිනය තුළ පමණක් කලින් සතියේ රු. මිලියන 297 ක ශුද්ධ වටිනාකමක් රටින් බැහැර වීමට ආසන්න බව දැක්වේ. ඩිස්ටිලරීස් කොටසකට රුපියලක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත.
මෙදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,819.91 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 175.03 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,298.75 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 19.04 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 4.06 කි. ගනුදෙනු 26,247 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 109.9 ක් විය. සමාගම් 201 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 63 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 73.1 කි.
නිරීක්ෂක



අදහස් (0)

ආයෝජන විකල්ප අවස්ථා සමග කොටස් වෙළෙඳපොළ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site