IMG-LOGO

2026 අප්‍රේල් මස 01 වන බදාදා


ආපදාවලදී ප්‍රතිචාර දැක්වීමට ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක්

ජපාන තානාපති කාර්යාලය හරහා ඇමෙරිකා ඩොලර් 181,837 ක ප්‍රදානයක් 


නිමල කොඩිතුවක්කු


ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම සඳහා ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක් ස්ථාපනය කිරීම පිණිස ජපාන රජයේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෑතකාලීනව ඇතිවූ ආපදා තත්වයන්හිදී සාම්ප්‍රදායික සන්නිවේදන ජාල බිඳ වැටීම හේතුවෙන් හදිසි සේවා සහ මානුෂීය සේවා සැපයෙන ආයතන මගින් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ සහන මෙහෙයුම් කටයුතු සම්බන්ධීකරණය අඩාල වීම නිසා මුහුණ පෑමට සිදු වූ ගැටලු‍ සැලකිල්ලට ගෙන, එවැනි අවස්ථාවලදී විකල්ප සන්නිවේදන ජාලයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. 
ඒ අනුව, සාම්ප්‍රදායික සන්නිවේදන ජාල ක්‍රියාත්මක නොවන හදිසි ආපදා අවස්ථාවලදී සන්නිවේදනයට සහාය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංගමය සමග සහයෝගයෙන් ආධුනික ගුවන්විදුලි සන්නිවේදන පද්ධති භාවිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මූලික පියවර ගනු ලැබ ඇත. එම වැඩසටහනට අවශ්‍ය ආධුනික ගුවන්විදුලි සන්නිවේදන උපකරණ මිල දී ගැනීම සඳහා කලාපීය මානුෂීය ආරක්ෂක ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනි යටතේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය හරහා ඇමෙරිකා ඩොලර් 181,837 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එම ප්‍රදානය බාර ගැනීම සඳහා ජපාන රජය සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ආපදාවලදී ප්‍රතිචාර දැක්වීමට ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site