IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආපදාවෙන් පීඩා වූ ව්‍යවසායවලට සියයට 3ක පොලියට ලක්ෂ 10ක් දක්වා ණය

ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා මාස හයක සහන කාලයක් සහිතව වසර තුනකින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසාය සඳහා උපරිමය රුපියල් 250,000ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් දක්වා සියයට 3ක පොලී අනුපාතයක් යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

‘RE-MSME -  ආපදා සහන‘ ණය යෝජනා ක්‍රමය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මගින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එකී ණය යෝජනා ක්‍රමය ලබා දෙන බව රජය පවසයි. 

එසේම ආපදාවෙන් බලපෑමට ලක් වූ මහා පරිමාණ ව්‍යවසාය ඇතුළු සියලු‍ම ව්‍යවසාය වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි පෞද්ගලික බැංකු ද දායක කර ගන්නා බවත් රජය පවසයි. 

ඒ අනුව ඉහත සඳහන් ව්‍යවසාය කාණ්ඩ දෙක ලබා දෙන ණය මුදලට අමතරව මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසාය සඳහා උපරිමය රුපියල් මිලියන 25ක් දක්වා වාර්ෂිකව සියයට 3ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු මගින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන පරිදි ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය’ නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවත් රජය පවසයි.

 



අදහස් (0)

ආපදාවෙන් පීඩා වූ ව්‍යවසායවලට සියයට 3ක පොලියට ලක්ෂ 10ක් දක්වා ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site