IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ආචාර්ය රෝෂන් පෙරේරා නේෂන්ස් ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය රෝෂන් පෙරේරා මහත්මිය පත් කර ඇතැයි එම බැංකුව පවසයි.

මෙහිදී ඇය ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කර තිබේ. ඇගේ මෙම පත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙහි බැංකු සුපරීක්ෂණ අධ්‍යක්ෂවරයාගේ අනුමැතියද හිමිව ඇති බවත්, ජනවාරි 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකෙරී ඇති බවත් බැංකුව සඳහන් කරයි. 

රෝෂන් පෙරේරා මහත්මිය සතුව දශක තුනකට අධික කාලයක් පුරා ආර්ථිකය, අවදානම් කළමනාකරණය, ප්‍රතිපත්ති පර් යේෂණය සහ සමාගම් පාලනය යනාදී ක්ෂේත්‍ර තුළ අත්දැකීම් ඇතැයි බැංකුව පවසයි. මෙම කාලසීමාවේදී ඇය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරිය ලෙසින් මෙන්ම බැංකු සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරිය ලෙසත් කටයුතු කර තිබේ. මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ඇය සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කරයි.

 



අදහස් (0)

ආචාර්ය රෝෂන් පෙරේරා නේෂන්ස් ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site