IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ආචාර්ය පරාක්‍රම දිසානායක යළිත් වරාය අධිකාරියේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඊයේ (17) වැඩ භාරගත් බව එම අධිකාරිය සඳහන් කරයි. මීට පෙර අවස්ථා දෙකකදීද ඒ මහතා එම අධිකාරියෙහි සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. ආචාර්ය දිසානායක මහතා සතුව සමුද්‍රීය මෙහෙයුම්, සැපයුම් සේවා සහ සාංගමික කළමනාකරණය යන අංශ තුළ විශාල අත්දැකීම් සහිත බවත් වරාය අධිකාරිය පවසයි. 
රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක්ම හොබවා ඇති ආචාර්ය දිසානායක මහතා, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමූහයෙහි සහ එහි පරිපාලිත සමාගම්හිද නායකත්ව භූමිකා හොබවා තිබේ.  එසේම ඒ මහතා වර්තමානයේදී සමුද්‍රීය, වරාය සහ සැපයුම් සේවා පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙසද කටයුතු කරයි. 
සිය තෙවැනි ධුර කාලයේදී වරාය මෙහෙයුම් තවදුරටත් දියුණු කිරීම, සැපයුම් කාර්යක්ෂමතාව වැඩිකිරීම සහ කලාපීය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් පවසයි.



අදහස් (0)

ආචාර්ය පරාක්‍රම දිසානායක යළිත් වරාය අධිකාරියේ සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site