IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ආචාර්ය දිසාබණ්ඩාර කලම්බු සිටි හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය දමින්ද්‍ර රන්ජන් දිසාබණ්ඩාර මහතා තෝරා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඒ මහතා එම ධුරය සඳහා පත් කර කෙරෙන බව සඳහන් වෙයි. 
ආචාර්ය දිසාබණ්ඩාර මහතා සතුව ව්‍යාපාර නායකත්ව, ශාස්ත්‍රීය අධ්‍යයන සහ උපදේශකවරයකු ලෙස වසර 25කට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත බව සමාගම පවසයි. එසේම ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදය පිළිබඳව ආචාර්ය උපාධියක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ එම්.බී.ඒ උපාධියද හිමි කරගෙන තිබේ. මීට අමතරව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූල්‍ය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳව වාණිජවේදී උපාධි ධාරියෙකි. 
ඒ මහතා මීට පෙර Finex Engineering (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, Uga Escapes හි සාමාන්‍යාධිකාරී, නිවාසි ඩිවලොපර්ස් (පෞද්) සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස මෙන්ම ෂෂඔ IIT ආයතනයේ ව්‍යාපාර පීඨයේ සහකාර පීඨාධිපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.

 



අදහස් (0)

ආචාර්ය දිසාබණ්ඩාර කලම්බු සිටි හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site