IMG-LOGO

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා


ආචාර්ය දුෂ්නි වීරකෝන් කාර්ගිල්ස් සිලෝන් ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ ධුරයට


භානුක අමරසිංහ 


කාර්ගිල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලය හිමි කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නව ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරිය ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 20 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය එම ධුරයට පත් කරගෙන තිබේ. 

කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ සභාපතිවරයා වන ලු‍යිස් පේජ් සහ එහි උප සභාපති/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ් යන මහත්වරුන් සමීප පවුලේ සාමාජිකයන් වීම මෙම නව පත් කිරීමට හේතුව ලෙස සඳහන් වෙයි. මෙම පත් කිරීම සිදුවන අවස්ථාව වන විටත් දුෂ්නි වීරකෝන් මහත්මිය කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළාය. කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කාර්ගිල්ස් සමූහයෙහි පරිපාලිත සමාගමකි. දුෂ්නි වීරකෝන් මහත්මිය මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) විධායක අධ්‍යක්ෂවරිය වෙයි. එසේම ඇය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේද සාමාජිකාවකි.



අදහස් (0)

ආචාර්ය දුෂ්නි වීරකෝන් කාර්ගිල්ස් සිලෝන් ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site