IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


අස්වැසුම තොරතුරු තහවුරු කිරීමේ සංගණනය මාර්තු 28 දක්වා

අස්වැසුම පළමු අදියර (2022/2023) ප්‍රතිලාභ ලබන සහ නොලබන සියලු‍ දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇතැයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඊට සුදුසුකම් සහිත පුද්ගලයන් 2,993,558කගේ තොරතුරු තහවුරු කරගැනීමේ සංගණන කටයුතු ලබන මාර්තු 28 දක්වා සිදු කෙරෙන බව සඳහන් වෙයි. 

මෙම සංගණනය සිදු කරන නිලධාරියාට පවුලේ වයස අවුරුදු 18ට වැඩි සියලු‍ සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත්, පසුගිය මාස 03ක විදුලි බිල්පත්, ඉඩම්වල හිමිකම් තහවුරු කරන ඔප්පු, වාහන හිමිකම් බලපත්‍ර (ඇත්නම්), සහ වෛද්‍ය සහතික ඉදිරිපත් කළ යුතුව ඇත. 

මෙහිදී සත්‍ය තොරතුරු ලබා නොදීම රු. 5000 කට නොවැඩි දඩයක් හෝ වසරක බන්ධනාගාරගත කිරීමක් හෝ එම දඩුවම් දෙකම නියම විය හැකිබව එම අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු ආධාර සඳහා අයදුම් කළ පුද්ගලයන්ගේ තොරතුරු ද මෙම සංගණනයේදීම ආවරණය කරනු ලබන බවත් පැවසෙයි.



අදහස් (0)

අස්වැසුම තොරතුරු තහවුරු කිරීමේ සංගණනය මාර්තු 28 දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site