IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


අශීෂ් චන්ද්‍රා හේමාස් හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට


භානුක අමරසිංහ 


හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ඉන්දියානු ජාතික අශීෂ් චන්ද්‍රා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූලි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා විධායක අධ්‍යක්ෂවරයකු සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් කෙරෙන බව සමාගම සඳහන් කරයි. 

හේමාස් හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ කස්තුරි චෙල්ලරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

වසර 27 කට අධික කාලයක වෘත්තීමය අත්දැකීම් සහිත අශීෂ් චන්ද්‍රා මහතා එක්සත් රාජධානිය, ජර්මනිය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල ජාතීන් 20කට අධික සංඛ්‍යාවක් සමගින් කටයුතු කර ඇතැයි පවසයි. මෙහිදී සමාගම් ඒකාබද්ද කිරීම සහ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් ඒ මහතා සතුව ඇතැයි සඳහන් වෙයි. 

ඒ මහතා මීට පෙර එයාර් ටෙල් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබේ. 



අදහස් (0)

අශීෂ් චන්ද්‍රා හේමාස් හෝල්ඩිංග්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site