IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


අවසන් තේ වෙන්දේසියේ තේ ප්‍රමාණය කිලෝ මිලියන පහෙනුත් පහළට

පසුගිය සතියේදී පැවැත්වුණු තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ තේ කොළ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 4.8ක් වූ බව වාර්තා වෙයි. ඒ අනුව මෙය 2024 නොවැම්බර් මාසයේ 26/27 පැවැත්වුණු අංක 47 දරන තේ අලෙවියෙන් පසුව ඉදිරිපත් වූ අඩුම තේ කිලෝග්‍රෑම් ප්‍රමාණය ලෙසින්ද සැලකෙයි.
මේ අතරින් වෙන්දේසියට පෙර තැරැව්කරුවන් සහ මිලදීගන්නන් වෙත තේ සාම්පල ලබා දෙන ex-estate  මගින් ඉදිරිපත් කර ඇති තේ ප්‍රමාණය පසුගිය සතියේදී ඉදිරිපත් කළ තේ කිලෝග්‍රෑම් මිලියන 0.8 සිට තේ කිලෝග්‍රෑම් මිලියන 0.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම බටහිර බෑවුමට අයත් වතුයායන්ගෙන් ලැබුණු තේවල ගුණාත්මක බව යම් පහත වැටීමක් පෙන්නුම් කර ඇතැයිද සදහන් වෙයි. මීට අමතරව නැගෙනහිර අංශයේ තේ කැපීපෙනෙන වෙනස්කමක් පෙන්නුම් කර නැත.
මේ වසරේ අංක 11 දරන අවසන් තේ වෙන්දේසිය පසුගිය මාර්තු 18/19 පැවැත්වුණූ අතර, මීළග තේ වෙන්දේසිය මාර්තු 25/26 පැවැත්වෙයි.



අදහස් (0)

අවසන් තේ වෙන්දේසියේ තේ ප්‍රමාණය කිලෝ මිලියන පහෙනුත් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site