IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


අවියානා හෝටල් සමූහයට ශ්‍රී ලංකා තිරසර සම්මානය

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා හෝටල් සමූහය ශ්‍රී ලංකා තිරසර සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවේය. මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිදු කරනු ලබන මෙහෙවර සහ තිරසර ඉදිකිරීම් සඳහා අවියානා හෝටල් සමූහය සභාපති අචාර්ය තිසර හේවාවසම් මහතාට මෙම සුවිශේෂී සම්මාන ද්විත්වය හිමිවූවේය.
13 වැනි ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණය සමග හවුල්කාරිත්වයෙන් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහභාගීත්වයෙන් ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා තිරසර සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති අතර එහිදී අවියානා හෝටල් සමූහය මෙම සම්මාන හිමිකර ගත්තේය.
සංචාරක ව්‍යාපරය වැඩිදියුණු කිරීම සඳහා පරිසරහිතකාමී ලෙස තිරසර සංවර්ධනය අනුව කටයුතු කිරීම සහ තිරසර අරමුණු ඉටුකර ගනිමින් තරු 7 අති සුඛෝපභෝගී හෝටලය ඉදිකර තිබීම යන කරුණු හේතුවෙන් අවියානා හෝටලයට මෙම සම්මාන හිමිවී තිබිණි.



අදහස් (0)

අවියානා හෝටල් සමූහයට ශ්‍රී ලංකා තිරසර සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site