අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා කොළඹ නායකත්ව පාසල (Colombo Leadership Academy) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සවයකි.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් සමාගම මෙවර මෙම සම්මානය ජයග්‍රහණය කළේ අඛණ්ඩව සත් වැනි වරට වේ. එය අලියාන්ස් ලංකා සමාගමේ අඛණ්ඩ දියුණුව, පුද්ගලයන් සංවර්ධනය කිරීම සහ අනාගතය වෙනුවෙන් නායකයන් සූදානම් කිරීම සඳහා ගෙන ඇති පියවර සාර්ථක වී ඇති බවට කෙරෙන සංඥාවක් ලෙස ද සැලකිය හැකිය.
මෙම සම්මාන උළෙලේ දී විවිධ කාණ්ඩ ඔස්සේ ඔවුන් දැක්වූ විශිෂ්ටත්වය අගය කිරීමක් ලෙස, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විශිෂ්ට නායකයන් නව දෙනෙක් සම්මානයට පාත්‍ර වූහ. එහිදී, අනුරාධ සිරිවර්ධන (Driving Results & Execution Excellence), මලික් ද සිල්වා (Team Effectiveness & Collaboration), දෙව්දිනී දේවපුර (Leadership Integrality & Holistic Approach), හිරුණි අමරවීර (Millennial Manager), මොහොමඩ් ශම්ලි හනීෆ් (Leadership Integrality & Holistic Approach), කුසුම් තේනුවර (Aligning Organizational Vision), රවිඳු පෙරියප්පෙරුම (Team Effectiveness & Collaboration) සමාධි රත්නායක (Millennial Manager) සහ සඳුන් ද සිල්වා (Team Effectiveness & Collaboration) යන අය ඒ ඒ අදාළ කාණ්ඩවලින් සම්මානයට පාත්‍ර වූහ.
මෙම සම්මාන හරහා අලියාන්ස් ලංකා සමාගමේ අඛණ්ඩ දියුණුවට හා සාර්ථකත්වයට උර දුන් අය සහ ඔවුන්ගේ නායකත්වය වෙත වැඩි අවධානයක් යොමු වීම ද සිදු විය.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජර්මනියේ මියුනිච් නගරයේ මූලස්ථානය පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණය තම ප්‍රධාන සේවා කර ගත් Allianz SE නම් ගෝලීය මූල්‍ය සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන