විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය 29 වැනිදා රුපියල් 2000ක සංසරණය සඳහා වන මුදල් නෝට්ටුවක් නිකුත් කළ බවත් නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (15) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමග නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍ය හරහා මුදල් සංසරණයට අනුගතවීම සිදුවනු ඇති බවත් එම කාලසීමාවේදී මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය කොට සලකන බවත් මහ බැංකුව පැවැසුවේය.
මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ඇති බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
අලුත් 2000 නෝට්ටුව ළඟදීම සංසරණයට