විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය මාස හයක කාලය තුළ අංක තහඩු මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් අලුතින් ලියාපදිංචි කරන ලද වාහන 120,000 කට අධික සංඛ්‍යාවකට අංක තහඩු නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.
අලුතින් ලියාපදිංචි කළ වාහන අතරින් අංක තහඩු නිකුත් කිරීමට නොහැකි වී ඇති වැඩිම වාහන සංඛ්‍යාව අයිති වන්නේ යතුරුපැදි කාණ්ඩයට බවත් යතුරු පැදි 127,745 කට අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ඊට අමතරව මෝටර් රථ 26,894 කට, ත්‍රීරෝද රථ 5,809 කට, ද්විත්වකාර්ය වාහන 1,868 කට සහ තවත් ගොඩබිම් වාහන 2,122 කට අංක තහඩු නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
මෝටර් රථ දෙපාර්තමේන්තුව අංක තහඩු නිකුත් කිරීම නතර කිරීමත් සමග පෞද්ගලික ව්‍යාපාර අංක තහඩු මුද්‍රණය කිරීමට ගන්නා ගාස්තුව ඉහළ දමා ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවැසුවේය.
අලුතින් ලියාපදිංචි කළ වාහන 120,000 කට අංක තහඩු නිකුත්කර නෑ