IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අරෝෂි නානායක්කාරට රෝයල් පාම් බීච් සහ ටැන්ගරින් බීච් අධ්‍යක්ෂ ධූර

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගම් දෙකක් වන රෝයල් පාම් බීච් සහ ටැන්ගරීන් බීච් හොටෙල්ස්හි නව    අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස අරෝෂි නානායක්කාර මහත්මිය පත් කරගත් බව එම සමාගම් පවසයි. 

මාර්තු 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඇය එම හෝටල් දෙකෙහිම ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී තිබේ. ඇය මේ වනවිට සම්පත් බැංකුවෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි. එසේම ඇය ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිනියද වන්නීය. මීට පෙර ඇය  ABN AMRO Bank, Deutsche Bank, Eagle Insurance, Delmage Group සහBrandix  සමූහයේද ඉහළ තනතුරු හොබවා තිබේ.

 



අදහස් (0)

අරෝෂි නානායක්කාරට රෝයල් පාම් බීච් සහ ටැන්ගරින් බීච් අධ්‍යක්ෂ ධූර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site