IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අර්ජුන් ප්‍රනාන්දු සෙන්ට්‍රල් ෆිනෑන්ස් සභාපති ධුරයට

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස අර්ජුන් ප්‍රනාන්දු මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

මෙතෙක් එම ධුරය දැරූ අසිත තල්වත්ත මහතා අප්‍රේල් 30 වැනිදා සිට ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

ඒ අනුව අර්ජුන් ප්‍රනාන්දු මහතා මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන බව සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම පවසයි. මෙම ධුරයට පත්වීමට පෙර 2017 වසරේ සිටම ප්‍රනාන්දු මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. මීට පෙර ඒ මහතා DFCC  බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කළේය. එසේම ඔහු HSBC Sri Lanka බැංකුවෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙසද කටයුතු කර තිබේ.



අදහස් (0)

අර්ජුන් ප්‍රනාන්දු සෙන්ට්‍රල් ෆිනෑන්ස් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site