IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අයෝධ්‍යා ඉද්දවෙල විශ්‍රාම ගනී සම්පත් බැංකු කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට සංජය ගුණවර්ධන

භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන අයෝධ්‍යා ඉද්දවෙල මහත්මිය සිය ධුර කාලය නිමා කරමින් ලබන සැප්තැම්බර් 23 වැනිදා සිට එම ධුරයෙන් ඉවත් වන බව බැංකුව පවසයි. 
ඒ අනුව ඇයගේ ඉවත්වීමෙන් හිස්වන ධුරය සඳහා බැංකුවේ වර්තමාන ප්‍රධාන ක්‍රමෝපායික නිලධාරී (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී) සංජය ඩයස් ගුණවර්ධන මහතා පත් කරන බව බැංකුව සඳහන් කරයි. 
මෙම නව පත් කිරීම අයෝධ්‍යා ඉද්දවෙල මහත්මිය ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 24 වැනිදා සිට බලපැවැත්වෙන බවත් සම්පත් බැංකුව වැඩිදුරටත් පවසයි. 
මේ අතර ආයෝධ්‍යා ඉද්දවෙල මහත්මිය ලබන ජූලි 01 වැනිදා සිට නිවාඩු යන බවත්, ඒ අනුව එදින සිට බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සංජය ගුණවර්ධන මහතා නම් කෙරෙනු ඇති බවත් බැංකුව සඳහන් කරයි. 
බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ගුණවර්ධන මහතා වසර 35කට ආසන්න කාලයක් සම්පත් බැංකුවේ සේවය කර තිබේ. මීට පෙර ඒ මහතා බැංකුවෙහි ක්‍රමෝපායික සැලසුම්, සිල්ලර බැංකුකරණ සහ තොරතුරු තාක්ෂණ යන අංශ තුළ ඉහළ තනතුරු දරා තිබේ. 



අදහස් (0)

අයෝධ්‍යා ඉද්දවෙල විශ්‍රාම ගනී සම්පත් බැංකු කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට සංජය ගුණවර්ධන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site