IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


අමානා බැංකුවේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් බලංගොඩට

අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වැනි ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘත කළ ප්‍රථම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මෙයයි. 
කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන ස්ථානයේ මෙම නව මධ්‍යස්ථානය පිහිටා තිබේ. සෑම දිනකම පැය 24 පුරා විවෘත මෙම මධ්‍යස්ථානයෙන් මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම ඇතුළු සේවා රැසක් ලබාගත හැක. මෙය ප්‍රදේශවාසී ජනතාවට මෙන්ම ව්‍යාපාරවලටද සුවිශාල පහසුවක් වනු නිසැකය.
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට බලංගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඩී.කේ.සී. නවරත්න මහතා සහ බලංගොඩ මහා ජුම්මා මස්ජිද් දේවස්ථානයේ ප්‍රධාන ඉමාම් අෂ් ෂෙයික් රෂාඩ් සමාන් රහ්මානි ඇතුළු සම්භාවනීය ආරාධිතයන් මෙන්ම ප්‍රදේශයේ ප්‍රජා නායකයන්, ව්‍යාපාර නියෝජිතයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. අමානා බැංකුව නියෝජනය කරමින් එහි සහකාර උප සභාපති (කලාප අංක 02) අසාම් අමීර් මහතා සහ රත්නපුර ශාඛාවේ ශාඛා කළමනාකරු අසීස් ජුනයිඩීන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

අමානා බැංකුවේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් බලංගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site