IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


අබාන්ස් ෆිනෑන්ස් ණයකරයට ෆිච් වෙතින් A - ශ්‍රේණියක්

අබාන්ස් සමූහයට අයත් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 1.5 ක් වටිනා ණයකර නිකුතුව සඳහා A - ලෙස අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 

ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් ආයතනය මගින් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී වෙත ලබාදී ඇති ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරිමට සමාන මට්ටම බවත් සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ ණයකර නිකුතුවක් ලෙස යෝජනා කර ඇති මෙම නිකුතුව වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ. ඒ හරහා රැස් කරගන්නා මුදල් සමාගමෙහි ණය පොත තවදුරටත් පුළුල් කරගැනීම සඳහා යොදා ගන්නා බව පවසයි. එසේම එම ණයකරය ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිමත් අදහස වී තිබේ.

 



අදහස් (0)

අබාන්ස් ෆිනෑන්ස් ණයකරයට ෆිච් වෙතින් A - ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site