IMG-LOGO

2026 ජනවාරි මස 21 වන බදාදා


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 4 තුළ මහ බැංකුව මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගත් ඩොලර් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 645 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,615 ක ඩොලර් ප්‍රමාණයක් මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබිණි.

මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති නව කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුමෙන් මෙරට සංචිත ඉලක්ක වෙනස් නොවුනහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම් වලට අනුව ණය ගෙවීමට සහ සංචිත ඩොලර් මිලියන 900 කින් වැඩිකර ගැනීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.65 ක ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් මිලදීගත යුතුව ඇත.

 



අදහස් (0)

අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site