IMG-LOGO

2026 මැයි මස 04 වන සඳුදා


අප්‍රේල් මුල් දින 22 දී සංචාරක පැමිණීම් ලක්ෂය ආසන්නයට

 

  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් 840,411ක් 

අප්‍රේල් මාසයේ මුල් දින 22 ක තුළදී මෙරට වෙත විදෙස් සංචාරකයන් 99‍,777 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී පැමිණි සංචාරකයන් 133,979 හා සැසඳීමේදී සියයට 25.5ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ. එම දත්ත අනුව දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍යය සංචාරකයන් 4535 කි.

මෙලෙස පැමිණි සංචාරකයන් අතරින් 29,192 ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 8,439ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 8,186 ක් පැමිණ තිබේ. චීනයෙන් පැමිණි සංඛ්‍යාව 7,161 කි. රුසියාවෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 5,134 ක් ලෙස සටහන්ව තිබේ. ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් පැමිණි සංචාරකයන් පිළිවෙළින් 4,659ක් සහ 4,431 ක් වෙයි. එක්සත් ජනපදයෙන් සංචාරකයන් 3,203 ක් පැමිණ තිබේ. බංග්ලාදේශයෙන් සහ නෙදර්ලන්තයෙන් පැමිණි සංචංරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 2,976ක් සහ 2,232 ක් වෙයි.

මේ අතර වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 840,411 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අතරින් වැඩිම සංචාරක පැමිණීම ලෙස සංචාරකයන් 176,465ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එක්සත් රාජධානියෙන් 86,859ක් පැමිණ ඇති අතර, රුසියාවෙන් පැමිණි සංඛ්‍යාව 71,052 කි. ජර්මනියෙන් සහ චීනයෙන් පිළිවෙලින් සංචාරකයන් 58,202ක් සහ 55,408 ක් පැමිණ තිබේ.



අදහස් (0)

අප්‍රේල් මුල් දින 22 දී සංචාරක පැමිණීම් ලක්ෂය ආසන්නයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site