IMG-LOGO

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා


අප්‍රේල් මුල් දින 05ට සංචාරකයෝ 26,800ක් පැමිණිලා

ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 2,794ක් පැමිණිලා


වසර තුළ සංචාරක පැමිණීම් 767,434 ක් දක්වා ඉහළට


මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් දින පහක කාලය තුළදී මෙරට වෙත පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 26,800ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙය 2025 වසරේ අප්‍රේල් මාසයේ මුල් දින 05 තුළ පැමිණි සංචාරකයන් 32,002 හා සැසඳීමේදී සියයට 16.25ක අඩුවීමකි.

මේ අතර මාසය තුළ මේ දක්වා දෛනික සංචාරක පැමිණීම්වල සාමාන්‍ය සංචාරකයන් 5,360 ක් ලෙස සටහන්ව තිබේ. මෙම සංචාරකයන් අතරින් 7,562ක් ඉන්දියාවෙන්ද, 2,854ක් එක්සත් රාජධානියෙන්ද, 2,794ක් ඔස්ට්‍රේලියාවෙන්ද පැමිණ තිබේ.

එසේම මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 767,434 ක් ලෙස සටහන්ව තිබේ. ජනවාරියේදී පැමිණි සංචාරකයන් 277,327ක්, පෙබරවාරියේ පැමිණි 279,328ක් සහ මාර්තුවේ පැමිණි 183,979 ත් සමගින් මෙම පැමිණීම් වාර්තා වී තිබේ. 

මේ අතරින් ජනවාරි සහ පෙබරවාරි මාර්තුවලදී සංචාරක පැමිණීම් 2025 වසරට සාපේක්ෂව පිළිවෙළින් සියයට 9.7 ක සහ 16.2ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, මාර්තු මාසයේ සංචාරක පැමිණීම් 19.7ක පහළ යෑමක් පෙන්නුම් කෙරිණි.

වසරේ මෙතෙක් පැමිණි සංචාරකයන් අතරින් 154,835ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් සහ රුසියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 81,274ක් සහ 67,541 කි. ජර්මනියෙන් 54,861ක් සහ චීනයෙන් 49,784 දෙනකු පැමිණ තිබේ.



අදහස් (0)

අප්‍රේල් මුල් දින 05ට සංචාරකයෝ 26,800ක් පැමිණිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site