IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


අපනයන කර්මාන්තය සවිබල ගන්වමින් NDB බැංකුව Khanthmi Sports Workshop & Exports සමග අත්වැල් බැඳගනී


ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සහ අපනයන සඳහා වක‍්‍රව සම්බන්ධවී සිටින ව්‍යාපාර සවිබල ගැන්වීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස, රටේ ක‍්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන අංශයේ නැගී එන ව්‍යවසායකයකු වන Khanthmi Sports Workshop & Exports වෙත NDB බැංකුව විසින් ණය පහසුකමක් ලබා දෙන ලදී. මෙම පහසුකම සීමා සහිත ජාතික ණය සුරැකුම් ආයතනයේ NCGI ණය ඇපකර යෝජනා ක‍්‍රමය යටතේ ලබා දී ඇති අතර, එමගින් ව්‍යාපාරයට සාම්ප‍්‍රදායික ඇපකර සීමා නොමැතිව මෙහෙයුම් පුළුල් කිරීමට හැකියාව ලැබේ.

උසස් තත්වයේ ක‍්‍රිකට් පිති නිෂ්පාදනය සහ වක‍්‍ර ලෙස අපනයනයේ නියැලී සිටින Khanthmi Sports Workshop & Exports  සමාගම, මෑතකදී එහි නව නිෂ්පාදන කම්හල විවෘත කළේය. එය එම ආයතනයේ වර්ධනයේ සහ නවෝත්පාදන ගමන් මඟේ වැදගත් සන්ධිස්ථානයකි. මෙම ව්‍යාපාරය පුළුල් කිරීම නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම සහ ගෝලීය ක‍්‍රීඩා උපකරණ සැපයුමේ ශ‍්‍රී ලංකාවේ දායකත්වය තවත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

මූල්‍ය පහසුකම් සඳහා ඇප රහිත ප‍්‍රවේශයක් ලබා දෙන NCGI සහතික කිරීමේ යාන්ත‍්‍රණය උපයෝගී කර ගනිමින්, NDB බැංකුව ව්‍යවසායකයන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් මාර්ග නිර්මාණය කිරීම සඳහා සිය කැපවීම නැවත තහවුරු කර ඇත. මෙවැනි සහයෝග මගින් Khanthmi Sports වැනි ව්‍යාපාරවලට ඔවුන්ගේ සම්පත් මෙහෙයුම් පුළුල් කිරීමල නවීන තාක්ෂණය භාවිත කිරීම සහ අපනයන වර්ධනයට දායක වෙමින්ල වඩාත් තරගකාරී වෙළෙඳපොළේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගා ගැනීමට ද හැකි වේ.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ නියෝජිතයකු පවසා සිටියේ, ‘‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් සහ අපනයනකරුවන් ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ප‍්‍රධාන ධාවකයන් ලෙස NDB බැංකුව සෑමවිටම පිළිගනී. NCGI ආයතනය සමග අපගේ මෙම හවුල්කාරිත්වයෙන් ඔවුන්ගේ පූර්ණ හැකියාව කරා ළඟා වීමට අමතර සහායක් අවශ්‍ය ව්‍යාපාර සඳහා කාලෝචිත හා ඵලදායී ලෙස මූල්‍ය සහාය ලබා දීමේ හැකියාව අපට හිමි වේ. Khanthmi Sports Workshop & Exports විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ කීර්තිය ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යෑම, නවෝත්පාදනය කිරීම සහ වර්ධනය කිරීම අඛණ්ඩව සිදු කරගෙන යෑමේ ක‍්‍රියාවලිය සමඟ ඔවුන්ට සහායක් වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු”.

මෙම හවුල්කාරිත්වය හරහා, ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ ශ‍්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින ජාතිය ගොඩනැගීමේ බැංකුවක් ලෙස NDB බැංකුව සිය කාර්යභාරය අඛණ්ඩව සිදු කරයි.



අදහස් (0)

අපනයන කර්මාන්තය සවිබල ගන්වමින් NDB බැංකුව Khanthmi Sports Workshop & Exports සමග අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site